2018 FIFA ලෝක කුසලානය යනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ළමා සමාජ ව්‍යාපෘතිය සඳහා වූ පාපන්දු සමාජයේ හයවැනි පාපන්දු තරගාවලිය පැවැත්වෙන දින පිළිබඳව පසුගිය දා (5) නිවේදනය කරන ලදි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කරමින් ගෙන ආ විශ්වාසභංගයෙන් තමන් බලා පොරොත්තු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සී සී කඩ කර ඉහිරවා දැමීමත් ආණ්ඩුව තුළ පැතිරීමක් සහිතව ගැටලු මතුකර එය අවුල් කර දැමීම බව පොදුජන එක්සත් පෙරමුණේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත් 04 වන දාට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම (42ක් සිටි බව පවසයි) අද සවස පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බව රාජපක්ෂ අගුපිලෙ වැටී සිටින ශ්‍රිලනිප ඇමැතියෙක් වන ලක්ෂමන් යාපා අබේවර්ධන පැවසූ බව මාධ්‍ය වර්තා කරයි. මෙය ජනාධිපතිගේ උපදෙස් මත ගත් තීරණයක් බවද පැවැසේ..

මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා ඉතා කෙටි කලක් තුළ නීතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන සේ සංශෝධනය කළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත එළඹෙන අප්‍රේල් 05 වන දින පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපි ගෙවන් නෑ...

Published in පුවත්
Sunday, 01 April 2018 12:35

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වා දුන් නව දේශීය ආදායම් පනත අද (01) සිට බල පැවැත්වේ. ඒ අනුව ගෙවන්න වන බදු ගැන මේ වන විට සංවාදයක් රටේ ඇතිව තිබේ. මීට මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපතිවරයාගේ නමින් නිවේදනයක්ද මේ සම්බන්ධයෙන් නිකුත් කෙරිණි. එහිදී මෙහි ඇති දෝශ ගනනාවක් ද පෙන්වා දී තිබේ.

අද ශ්‍රිලනිපයේ නමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා කොළඹදි පැවැත් වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ සමස්තයේ අර්ථය, අගමැතිට එරෙහිව එල්ල කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බවය.

අගමැතිවරයාගේ නමින් ආණ්ඩුවට එරෙහිව එල්ල කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ශ්‍රිලනිප මන්ත්‍රීන්ට තම තමන්ගේ හෘද සාක්ෂිඅය අනුව ඡන්ද පාවිච්චි කිරීමට ඉඩ කඩ සලසන තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රිලනිප ජේෂ්ටයන් මේවන විටත් තීන්දුවකට පැමිණ තිබෙන බව ශ්‍රිලනීප ආරංචි මාර්ග පවසයි. එළඹෙන 02 වන දින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුව ගැනිමට නියමිතය.

ld add copy

Latest News

මෙරට ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

මෙරට ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මෙරට එච් අයි වී ආසාදිත රෝගින්ගේ වැ...

Connet With Us