ලබන වසරේ මාර්තු මාසයේදී පමණ පැවැත්වීමට නියමිත පලාත්පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනම සන්ධානයකින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණු ආරංචි මාර්ග පවසයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස්‌ රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

යාල වනෝද්‍යානයේ හෝටල් ඉදිකිරීම රාජපක්ෂවරුන් විසින් යළිත් ආරම්භ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා විසින් පසුගියදා පැවැති ලක්ෂ්මන් කදිර්ගාමර් අනුස්මරණ උත්සවයේදී පවත්වන ලද කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.

බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත්‍රී රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද (27) පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන ඇත.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධයවේදියකුව සිටි යදී පැහරගෙන යාමට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පළමු වරට ආරක්ෂක අංශ මඟින් පැහැර ගෙන ගොස් අදට හරියටම අවුරුදු 6ක් වෙයි.

කුරුණැගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශෙෂ පණිවිඩයක් යවමින් තමාට හා තම පවුලේ ඥාතීන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් යම් සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉල්ලා ඇත.

මේවන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ටොම් මැලිනොව්ස්කි සහ අමරිකානු තානාපති අතුල් කෂප් යන මහත්ම මහත්මින්ව, අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද දින මුණ ගැහුණාය.

ld add copy

Connet With Us