ඊයේ (22) ජනතා විමුක්ති පෙරමුණේ විශෂ සමුළුව ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ රුපියල් ලක්ෂ 08 ගෙවීම සම්බන්ධයෙන්  විමල් වීරවංශ මහතා එම පක්ෂයට දොස් පවරා ඇත.

යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග සංවිධාන කිහිපයක් අද (23දා) පෙරවරුවේදී අවබෝධතා ගිවිසුමකට එළැඹියේය.

''මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න'' යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද(23) සහභාගී වෙමිනි.

'පසුගිය වසර ගණනාවක් පුරා විවිධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැව්වා තමන්ගේ ගම,නගරය සංවර්ධනය කිරීමේ අරමුණෙන්. එත් වැඩක් වුනේ නෑ. අපි මෙවර හරි මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු.. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කාර්යශූර, උගත්, බුද්ධිමත් පිරිසක් මිස ජනතාව ලබා දෙන බලයෙන් වංචාවට, දූෂණයට, මත්ද්‍රව්‍ය බෙදාහැරීමට අනුබල දෙන්නන් නොවන පුද්ගලයින් බව ජනතාව මතක තබා ගත යුතුයි.' යැයි වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය අැතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ දී එළිදැක්විය.

ව්‍යාපාරිකයෙකු සහ රාජපක්ෂ රෙජීමයේ නයිජිරියානු හිටපු තානාපති ASP ලියනගේ තමාට අයත් ලිමොසින් රථය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ලබා දීමට ගත් උත්සාහය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කළ තර්ජනාත්මක ප්‍රකාශයට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කරල ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කළේය.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us