මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධද, නැද්ද යන්න පිළිබඳව සහතිකයක් ලබාදීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර තවදුරටත් පුරප්පාඩු වී පවතින බව වාර්තාවේ. වසර තුනක පමණ කාලයක් තිස්සේ අදාළ තනතුර සදහා කිසිදු නිලධාරියෙකු පත් කර නොමැත. ඇතැමුන් එම තනතුර සදහා භික්ෂූවක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් තවත් පිරිසක් ගිහි අයෙකු අදාළ තනතුරට පත් කරන ලෙසට ඉල්ලා තිබීමත් මත එම තත්ත්වය උද්ගතව තිබේ.

සිංහල හා දෙමළ අන්තවාදීන් කවුරුන්ද යන්න මේ අවස්ථාව වනවිට හෙළිදරව් වී ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ලක් සතොසට යළි පණදීම සඳහා රුපියල් කෝටි හත්දහස් පන්සියයක නව ආයෝජනයක් සිදුකිරීමට රජය තීරණය කොට තිබේ. ලබන මස 07 වැනිදා සිට නව වෙළෙඳසැල්වලින් ජනතාවට සේවා සැපැයීම ආරම්භ කිරීමට ද නියමිතය.

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (25) දිවයිනට පැමිණීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් පිහිටවනු ලබන පක්ෂයේ පළමු සමුළුව සෙනසුරාදා උදෑසන 10.00ට නව නගර ශාලාවේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්වය සම්බන්ධ අර්බුදයක් කෘතිමව නිර්මාණය කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රි ලනීප ආරංචි මාර්ග පවසයි.

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

ld add copy

Connet With Us