මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රාඩා ආයතනයේ මූල්‍ය පරිපාලන අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සමරසිංහ ලබන ජූලි 8 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය අද(24) නියෝග කළේය.

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ලබන ජූලි මස සිට විශ්‍රාමිකයින්ට ලබා දීමට කටයුතු සලසා අැත.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාඩා ආයතනයේ හිටපු ගණකාධීකාරීවරයෙකු වූ ජයන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක්‌ ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක්‌ ද, එච්අයිවී ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇතැයි ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමට ඉඩ නොදෙන ලෙසට ජනාධිපතිවරයා තමාට නියෝග කළ බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවා සිටි බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටිය බවට තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවැසීය.

පසුගිය 19 වන සිකුරාදා නිකුත් කළ රජයේ ගැසට් පත්‍රය අනුව තවමත් මෙරට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබලන ලෙස ලොව අංක එකේ ව්‍යාපාරිකයෙක් ලෙස සැළකෙන වර්ජින් සමූහ ව්‍යාපාරයේ අයිතිකරු රිචර්ඩ් බ්‍රැන්සන්ට ආරාධනා කොට තිබේ.

ld add copy

Connet With Us