ශ්‍රී ලංකා පොලීසියේ සැපයුම් අංශය විසින් කඳුළු ගැස් කෑන්(canisters) 5000 ක් සහ දැඩි රබර් වලින් නිශ්පාදිත පොලු 1000 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සුදානම් වන බව වාර්තාවේ.

ලංකාවට කඳුළු ගැස් ගෙන්වන්නේ බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙනි.

ඊයේ රාජිත සේනාරත්න මහතගේ මිතුරු සයුරු සමරසුන්දර මහතා හා ඇවන්ගාර් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වූ සංවාදයයේ හඬ පටය අන්තර්ජාලයට එක්වීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා විසින් ඇව්න්ගාඩ් හිමිකරුගෙන් මුදල් ලබා ගෙන ඇති බව හෙළි විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමට අද (18දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට තමා විශේෂ කැබිනට්‌ පත්‍රිකා දෙකක්‌ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය.

ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන්ට එරෙහිව මර්ධනය දියත් කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබා ගත් රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් මැදිහත් වූ ඔහුගේ සමීපතම මිතුරා වූ සයුරු සමරසුන්දර මහතාට ඔහු මේවන විට සභාපතිත්වය දරන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත  සංස්ථාවේ සභාපතිධුරයෙන් වහාම ඉල්ලා අස් වී අල්ලස් ලබා ගත්තේ තමුන් බවට ප්‍රකාශයක් කරන ලෙස විදේශ රටක සිට දුරකතනයෙන් බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

ඇවන් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන ඒ පසුව නොලැබී යාමෙන් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් හොර ව්‍යාපාරයක් බවත්. විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් බොරු බේගල් සමාජය හමුවේ අත හරිමින් සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සඳහා එකාබද්ධ විපක්ෂය සූදානම් වේ.

සන්ධානයට ආදරයක් ඇති නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ එහි නායකත්වයෙන් අස්වන ලෙස යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us