එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා ‌ සිටියේය.

යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වමින් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින නමුත් ඊට එක්සත් ජාතික පෙරමුණ එකඟත්වය පල නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ප්‍රකාශ කරයි.

විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස සහ සියලු සිසු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට දින 225 ක් පිරීම නිමිත්තෙන් අද(29) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සංවිධානය කර තිබූ පා ගමන ජයග්‍රහණයෙන් අවසන් වී තිබේ .

එල්ටීටීඊ සංවිධානයෙන් අත්පත් කර ගන්නා ලද රත්තරන් ටොන් 310 කට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ විකිණීම සම්බන්ධයෙන් වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණය යට ගැසීම සඳහා එම දෙපාර්තමේන්තුවේ මෙවන විට නොමැති එහෙත් එම පරීක්ෂණ සඳහා මැදිහත්වූ නිළධාරියකුටත් යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටමත් රුපියල් මිලියන  50 සිට 300 දක්වා  ගෙවා ඇති බව වාර්තාවේ. 

මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වන 'රටට පණ දෙමු අලුතින් පටන් ගමු' හරසුන් ලේඛණයක් බවත් එයට ප‍්‍රතිපත්තියක් හෝ දර්ශනයක් නොමැති බවත් අජිත් පී පෙරේරා මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

අද වන විට මහින්ද රාජපක්ෂ විශ්මිත මැතිවරණ පොරොන්දු ලබා දෙමින් සිටින බවත් මේ පොරොන්දු ඉටු කිරීමට නම් ඔවුන් බලයේ සිටියදී හොරකං කළ කුට්ටිය ගෙනවිත් මහා භාණ්ඩාගාරයට දැමිය යුතු බව රෝසි සේනානායක මහත්මිය පැවසුවාය .අැය මේ බව පැවසුවේ අද(29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

පළාත් සභා විමධ්‍යගත අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උතුරු මැද පළාත් සභා නායක ආනන්ද සරත් කුමාර මහතාට ඇප ලබාදීම යළිත් වරක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us