ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය විවෘත කිරීම උළෙල වෙනුවෙන් තම නර්තන ආයතනය ලක්ෂ 150 ක මුදලක් අය කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසන චන්න විජේවර්ධන මහතා එ වෙනුවෙන් අය කළේ ලක්ෂ 68 කට ආසන්න මුදලක් පමණක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි පවසයි.

ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්‍ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්‌තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (23 දා) සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්(CSN) හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.

කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ පොළව යට ඉදි කොට ඇති අධි සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සඳනා නැකත් බැලීම,  බහිරව පූජා පැවැත්වීම, වාස්තු දෝශ බැලිම ආදිය සිදු කොට තිබෙන්නේ රාජකීය දෛවඥාඥයා ලෙස වැඩ සිටි සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් බව ජනාධිපති මන්දිරයේ සේවකයෝ පවසති.

විශේෂ කාර්යයන් පිළිබඳ ඇමැති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

මෙතුවක් කල් මාධයයට අනාවරණය නොවූ සුඛෝපභෝගී මන්දිරයක් කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය යට ඉදි කොට ඇති බව අද දින(22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට පෙන්වන ලදී.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ත්‍යාග මුදල් අයථා පරිහරණය කරමින් නීති විරෝධී ලෙස දේපළ උපයා ඇති බව කියන එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ හා බිරිඳගේ පුතුගේ ගිණුම් සම්බන්ධ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (21) මූල්‍ය ආයතන 81ක කළමනාකරුවන් වෙත නියෝග නිකුත් කළේ ය.

ld add copy

Latest News

විදුලි ගාස්තු ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් තීරණයක්

විදුලි ගාස්තු ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් තීරණයක්

විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය...

Connet With Us