අද ඇරඹුනු ෂන්හයි සහයෝගිතා සංවිධානයේ ඉහළ පෙළේ සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහභාගි වේ. මෙම සමුළුව අද(03) සිට ලබන 05 වන දා දක්වා පැවැත්වේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සමුළුවේ තේමාව වන්නේ ආරක්ෂාව හා කළාපීය ස්ථාවර භාවය යන්නයි.

ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට නියමිත සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමකින් තොරව පාර්ලිමේන්තුව යළි කල්තැබීමට කථානායකවරයා තීරණය කර ඇත.

හඳුන්නෙත්ති මාතරට

Published in පුවත්
Wednesday, 03 June 2015 14:51

ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් නව සංවිධායකවරයා ලෙස දේශපාලන මණ්ඩල සභික, මුදල් ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති නම් කරනු ලැබ තිබේ.

පළාත් පාලන ඡන්දය නායකත්වය ගොඩනැගීම සදහා ඉතා වැදගත් බවත් නායකත්වය ආරම්භ වන්නේ එතැනින් බවත් වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවසුවේය. නාගරික ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීමට බල සම්පන්න මහ නගර සභා තුළ බල මධ්‍යස්ථාන කිහිපයක් ඇතත් වතු කම්කරුවන් සදහා එවැනි පහසු ක්‍රමයක් නොමැති බව ඔහු පැවසුවේය.ඔහු මෙම අදහස් දැක්වූයේ අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව පත් කර ගත්තේ හරි දේ සිදුකිරීමට බවත් නීතිය හැමෝටම පොදු හා සාධාරණ විය යුතු බවත් පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි..FCIDයට කැදවීමක් ඇති විට එය කිසි විටෙකත් කතා නායක නිල නිවස නොවිය යුතු බවත් මෙවැනි ක්‍රියා තුළින් ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශ බවත් පැවසුවේය.

උතුරේ තරුණයන් යථාතත්ත්වයට පත්වීම වැළක්වීමේ  අරමුණින් හිතාමතාම  උතුරට මත්ද්‍රවය සැපයීමේ  වැඩ පිළිවෙළක් ඇතැයි උතුරු පළාත් මහ ඇමති ටී විගනේශ්වරන් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාව අතහැර සිංගප්පුරුව බලා යාමට නියමිත බවට පළවූ මාධ්‍ය වාර්තාපිළිබඳ අදහස් දක්වමින් රටට අවශ්‍ය මෙවැනි මොහොතක රට අතහැර නොයන බවට තමා සහතිකවන බව පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමිනි.

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණය සඳහා අනිවාර්යයෙන් තරඟ කිරීමට නියමිත බවත් තවමත් තරඟ කරන පක්ෂය තීරණය කර නොමැති බවත් ඔහුගේ ප්‍රකාශක රොහාන් වැලිවිට පවසයි.

ld add copy

Connet With Us