විදුලි සංදේශ නියාමන කොමිසමේ ත්‍යාග මුදල් අයථා පරිහරණය කරමින් නීති විරෝධී ලෙස දේපළ උපයා ඇති බව කියන එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ හා බිරිඳගේ පුතුගේ ගිණුම් සම්බන්ධ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (21) මූල්‍ය ආයතන 81ක කළමනාකරුවන් වෙත නියෝග නිකුත් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් හා ඔහුගේ බිරියගෙන් රුපියල් 73,76,96044ක මුදලක් අයකර ගැනීමට හැකි නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ෙපෟද්ගලික ලීසිං සමාගමක් කොළඹ වාණිජ මහාධීකරණයේ හා දිසා අධිකරණයේ නඩු හතරක් ගොනු කළේය.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පරීක්ෂණ කිසිසේත් නතර කරන ලෙසට නීතිපතිවරයාට බලපෑමක් කර නැති බවත්, නීතිපතිවරයා ද එම පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන ලෙසට අදාළ අංශවලට උපදෙස් ඇති බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ලක්විජය - නොරොච්චොලේ තාප විදුලි බලා ගාරය සඳහා ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව හරහා රුපියල් බිලියන 2.2ක අක්‍රමිකතාවයක් සිදුව තිබේ. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබීමය.

මත්කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නැමැත්තිය බොරැල්ල ප‍්‍රදේශයේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා පොලීසියට අවසර දී තිබේ.

රිවිර මීඩියා කෝපරේෂන් විසින් පවත්වාගෙන යනු ලබන ද නේෂන් (The Nation) පුවත්පත අද (21) සිට වසා දැමීමට තීරණය කර ඇත. අද දින එම පුවත්පතේ කර්තෘ මාලින්ද සෙනෙවිරත්න මහතාට එම පාලන අධිකාරිය මේ බව දැනුම් දි තිබේ. කෙසේ නමුත් මාලින්ද සෙනෙවිරත්න මහතා පසුගිය ජුනි මාසයේදී ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී තිබුණු බවද වාර්තාවේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිටුපස සිටින දැවැන්තයා කවුද යන්න පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බව රහස් පොලිසිය කියයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සහ උදලාගම හා පරණගම කොමිෂන් වාර්තා අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.

ld add copy

Latest News

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීර...

Connet With Us