උදයා නිදහස් නොකිරීම ‘යහපාලනය’ අවතක්සේරු කිරීමේ සැලසුමක් ද?
තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.
පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ජිෆී ප්‍රඩක්ට් ආයතනයේ කොබෙයි ගනේ කර්මාන්ත ශාලාව හේතුවෙන් දැඩි පරිසර හානියන් වන බවට චෝදනා රැසක් එල්ල වී තිබෙන මුත් ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අදාල රාජ්‍ය නිළධාරීන් ගෙන තිබුණේ නැත.
පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය.
19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප්‍රයත්නයත් 19 ට එරෙහි වීමට හේතුවක් කරගන්නා අදියරට පැමිණ ඇත.
මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි.
ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප්‍රගතියේ යම් තරමක් එම තනි සිද්ධියෙන් පෙන්නුම් කෙරේ.
තාත්තා කෙනෙකු වෙනුවෙන් පුතෙක් බිම වාඩිවී ඉන්නවා දුටිමි. ඒ, අතුරුදන් කළ තාත්තෙක් ඉල්ලා නොවේ. තාත්තා අල්ලස් කොමිසමට කැඳවන්න එපා කියා ය.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මේවන විට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය විසින් මහින්ද රාජපක්ෂ යනු කෙතරම් මුග්ධ ගෝත්‍රික නායකයකු වීද යන්න පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ.
‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේ ය’’
