පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අ‌ප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.

ලංකාව තුළ දිගින් දිගටම ජාතික ගීය පිළිබඳ විවිධ සංවාද පවතී. පවතින දේශපාලනික පසුබිම අනුව එම තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කෙරේ. විචාරශීලීව, විදග්ධ මට්‌ටමින්, විචක්‌ෂණශීලීව අවධානය යොමුකරනවා වෙනුවට, ගැටලුව තව තවත් උග්‍ර කරවන අයුරින් බොහෝ දෙනා මැදිහත් වන ස්‌වභාවයක්‌ පෙන්නුම් කෙරේ.

දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප්‍රසාද තමන් විසින්ම සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එහිදී, මූල්‍යමය ශික්ෂණය සහ සමානුපාතිකතාව ගැන ඔවුහූ නොතකති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ අද පවතින වඩාත් අර්ථලාභී රැකියාවක් බවට දේශපාලනය පත්ව තිබේ. හෙවත්, සොච්චම් නිෂ්පාදනයක් වෙනුවෙන් ලබා ගන්නා ගෙවීමක් වශයෙන්, අත දිග හැර තමන්ටම ප්‍රතිලාභ ලබාගත හැකි රැකියාවක් බවට එය පත්ව ඇති අතර, බොරුව සහ මිථ්‍යාව ඉහවහා ගිය, කමකට නැති නිකමුන් රොත්තක් එම ක්‍රමය තුළ නඩත්තු කෙරෙමින් තිබේ. මේ තත්වය සදහටම එසේ වනු ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේවන විට ඉදිරිපත් කර තිබෙන 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙ‍ටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම සඳහා ගෙන තිබෙන පියවර කඩාකපල් කිරීම සඳහා රාජපක්ෂවාදී මළප්‍රේතයන් පිරිසක් හා ඒකාධිපති තනතුරට පත්වීම සඳහා සිහින දකින්නන් විසින් දැඩි උත්සහයක් ගනිමින් තිබෙන බව පෙනෙන්ට තිබේ.

ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන "සත්‍යාගාරය" වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි.

මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලනීපය යනුවෙන් පක්ෂයක් තිබුණේද යන්නවත් දැන ගැනීමට නොතිබුණ නමුත් මහින්දගේ දේශපාලන අභාවයෙන් පසුව ශ්‍රී ලනීපය අවශේෂ පෙනෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, මේ ශ්‍රීලනීපය යනු මහින්දට යටවී ඒ ශරීර කූඩුවේ හැඩයට සකස් වූ තැලී පොඩිපට්ටම් මූ පක්ෂයක් ලෙස හඳුනා ගත හැකිව තිබේ.

දේශපාලන භූමියේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි යන්න ප්‍රසිද්ධ කියමනකි. එස්. ඩබ්ලි්‍යු. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව මෙකී කියමන සත්‍යයක් බව පසක් වුව ද වර්තමානයේ තරම් ප්‍රකට නොවුණි.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ සමරු උලෙලක් පසුගිය ඉරිදා (2015-04-05) කොළම බාහස්පති අධ්‍යාපන ආයතනයේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය ජිනදාස දනන් සූරිය, ගනුෂ්ක රන්දුල සහ නීල් ලකි ක්‍රිස්ටෝපර් යන මහත්වරු දෙසුම් පැවැත්වූහ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us