වත්මන් ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවීම සඳහා මුදල් නැති බවට විපක්ෂ නායක වරයා ඊයේ මහ ගෝරනාඩුවක් කළේය.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනික වෘත්තිය යළි ගොඩනගා දීමට හිටපු ආණ්ඩුවේ ඇතැම් කොටස් දරණ වියරු ප්‍රයත්නය තුළ එක්තරා ඛේදයක ලක්ෂණයක් දක්නට තිබේ. මහින්ද රාජපක්ෂගේ නියමිත පාලන කාලය අවසන් වීමටත් කලින් සෑහෙන වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනතාව විසින් ඔහුව පරාජය කොට තවම මාස තුනක් පමණි.

“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ සිරිසේන මහතා නායකයා වන ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වන බහුවිධ න්‍යාය පත්‍ර යන මේවා දෙස බලන විට, මගේ අසල්වාසියාගේ ප්‍රකාශය නිවැරදිය.

රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද ශ්‍රී ලාංකීය ජනතාවට බක් මාසය යනු භාග්‍යවන්ත මාසය යි. එනම් සිංහල දෙමළ සියල්ලන්ට භාග්‍යය උදා කර දෙන මාසය යි. එහෙත් මීට සිවුසාළිස් වසරකට පෙර එලඹි ඒ භාග්‍යවත් මාසය අප රටට සහ රටේ තරුණ පරපුරට ගෙන ආවේ අභාග්‍යය ම ය; අවාසනාව ම ය; මරණය ම ය; ම්ලේච්ඡ මරණය ම ය. එදා කොවුලන්ගේ නාදය වෙනුවට දසතින් නාද දුන්නේ: මෙහෙයුම් හඬ ය; වෙඩි හඬ ය; මර ළතෝනිය ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලියට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන්, වත්මන් පාලනයත් මහින්ද රාජපක්ෂගේ පාලනයත් එක හා සමාන බව කියවෙයි. සමහර තැනක කියැවෙන්නේ මේ ආණ්ඩුව වඩා නරක බවය.

රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත්‍රය ප්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ සේවාවන් සාපේක්ෂ පහසුවකින් අවශ්‍ය තන්හිදී ලබාගත හැකි වන ලෙසින් රාජ්‍ය ව්‍යුහය සකසා ගැනීම අවශ්‍ය කෙරේ.

‘‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම’’ යනුවෙන් පිරුළක් ඇත. සරසවි සිසුන්ට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය ද මීට සමාන ය; නැත... එය ම ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක්‍රියාවලියක් ඔස්සේ කටයුතු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එම ක්‍රියාවලියට නායකත්වය දෙනු ඇතැ යි කී ඔහු, ඒ සඳහා දකුණු අප්‍රිකානු උපදෙස් සපයා ගැනීමට අපේක්ෂා කරන බවත් කීවේය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us