මිලියන 62ක් පමණ ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවී ඇති  බව මිචෙල් ඔබාමා පවසයි. ඇය මේ බව පැවසුවේ බ්‍රිතාන්‍යයේ සංචාරයක් අතරතුර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් යොමුකරමිණි.

යුරෝපා සංගමයේ අභ්‍යන්තර  කටයුතු ඇමතිවරුන්ගේ එකතුවෙන් මධ්‍යධරණි හරහා යුරෝපයට පැමිණීමට උත්සහ කරන සංක්‍රමණිකයන්ගේ ගැටළුව  පිළිබඳ සාකච්ඡා අරඹා ඇත.

නිකරගුවාවේ දහස් ගණන් ජනතාව අත්ලාන්තික් සහ පැසිෆික් සාගරය සම්බන්ධ  කරමින් එරට ඉදිකිරීමට නියමිත ඇළකට එරෙහිව උද්ඝෝෂණයක නිරත වී තිබේ.  

ජෝර්ජියාවේ අගනගරය වන  ටිබිලිසි නගරයට බලපෑ  ගංවතුර හේතුවෙන් පුදගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර එරට සත්වෝද්‍යානයේ සතුන් පැනයාම හේතුවෙන් නගර වැසියන්ට නිවාස තුලටම වී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.

අන්තර්ජාතික අපරාධ අධිකරණය සුඩාන ජනාධිපති ඔමර් අල් බසීර් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. සුඩාන ජනාධිපතිවරයා  මේ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අප්‍රිකානු ඒකාබද්ධ සමුළුවට සහභාගි වීම සඳහා ජොහැන්නස්බර්ග් නුවරට පැමිණ ඇති බව සඳහන් වේ.

ස්විඩන් රජ පවුලේ කාල් පිලිප් කුමරු හිටපු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සූදානම් වේ. 30 වන වියේ පසුවන සොෆියා හෙල්ක්විස්ට් නිරූපිකාවක් සේම රියැලිටි තරුවක්ද වේ.

ඇමරිකාවේ සේවක කළමනාකරණ ආයතනට දෙවැනි වතාවටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ ඇමරිකාවේ රජයේ නිලධාරීන්ගේ දත්ත වෙත හොරෙන් ඇතුළු වී ඇතැයි වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් මඟී ගුවන් යානයක් අද (12)පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us