පසුගියදා ජර්මානු අධිකරණය අවුස්විට්ස් නාසි කඳවුරේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 94 හැවිරිදි පුද්ගලයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ග්‍රීක පාර්ලිමේන්තුව යුරෝපා නායකයන් යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිගැනීමට එකඟතාව පළ කර තිබේ.

ඉරාන න්‍යෂ්ටික නව ගිවිසුමට එක්සත් ජනපද කන්සර්වේටිව් පක්ෂය විරෝධය පළ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගිවිසුම හරහා අන්තර්ජාතික ආර්ථික සම්බාධකවල බලය අඩුවන බවයි.

මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ග්‍රීසියට තුන්වැනි වතාවටත් ණය ලබා දීමට යුරෝපා නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ. යුරෝපා හවුලේ නායකයන් අතර බෙල්ජියමේ බ්‍රෙසල්ස් නුවර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවලට පැමිණ ඇති බව පැවසේ.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලය අසල  කාර් බෝම්බයක්  පුපුරා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.

මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ ග්‍රීසිය මේ වෙනකොට පත්ව ඇති ආර්ථික අරුබුදය වෙතයි. මීට අමතරව චීනයේ කොටස් වෙළඳපොළ කඩා වැටීම පිලිබඳ තොරතුරුත් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us