නයගරා ඇල්ල අසල සිදු වූ පිපිරීමෙන් දෙදෙනෙකු මරුට
ඇමෙරිකා - කැනඩා දේශ දේශසීමා මුරපොල ආසන්නයේ නයගරා දිය ඇල්ල අසල සිදුවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දින 4ක් සඳහා සටන් නැවැත්වීම හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති අතර අද උදෑසන 10 සිට එය ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා ඇත.
දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ.
බලු මස් තහනම්! දකුණු කොරියා පාලක පක්ෂය ප්‍රකාශ කරයි
දකුණු කොරියාව සුනඛ මස් තහනමක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින බව එරට පාලක පක්ෂය ප්‍රකාශ කරයි.
8 වැනි දිනටත් එළඹේ . උමගේ සිරවූ ජිවිත 40ට කුමක් සිදුවේද ?
නොවැම්බර් මස 12 වනදා ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ කිලෝමීටර 4.5 ක උමං මාර්ගයක කැණීම් කටුයුතු වල නිරත වෙමින් සිටි සේවක පිරිසක් මතට එයට ආසන්නයේ නාය ගිය පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සේවකයින් 40 ක පමණ පිරිසක් පිටතට පැමිණීමට නොහැකිව සිර විය.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් යුද්ධය නවතීවි - ජනාධිපති ජෝ බයිඩන්
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
සිරියානු ජනාධිපති අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තු !
ජාත්‍යන්තර ප්‍රජාව විසින් තහනම් කරනු ලැබූ රසායනික අවි යොදාගෙන සිරියානු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කර, මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කළේ යැයි චෝදනා නගමින්, ප්‍රංශ රජය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්, ඔහුගේ සොහොයුරා සහ සිරියානු රජයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ.
චීන-ඇමරිකා රාජ්‍ය නායක හමුව: නව ලෝක පිළිවෙතක් ගැන අවධාරණයක්
චීන ජනාධිපති ෂී ජින්පිං සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ වූ හමුව නොවැම්බර් 15 වැනිදා, පැවැත්විය.
