පාකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාව ලාහෝර් නගරයේ පවත්වන විරෝධතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරි ස්වරූපයකට පෙරළී ඇති අතර ඔවුන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුව තිබේ.

මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් අතර තුර ඉන්දුනීසියානු හමුදාවන්ට අයත් ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

චීන පවුල් සැලසුම් නීතිය ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කොට තිබේ.

බ‍්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ්ට එරෙහිව එරට ප්‍රධාන නගර වලට රැස් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා දක්වමින් සිටියි. සටන් පාඨ කියමින් පා ගමන්වල යෙදී සිටින මෙම උද්ඝෝෂකයන් කියා සිටින්නේ දෝෂාභියෝගයක් මගින් ඇය ජනපති ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි.

මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට එරට අධිකරණය මගින් වසර 13ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

හින්දාල්කෝ නැමැති සමාගමට ගල්අඟුරු කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීමේ සිද්ධියක්‌ මත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.

ඉරාක හමුදාවන් අයි.එස්. සටන්කාමීන් යටතේ පාලනය වූ ටික්රිට් නගරයේ කොටස් කිහිපයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත.

ඉන්දියාවේ දිමාපූර් නගරයේදී ස්‌ත්‍රී දූෂකයකු යෑයි සැකකර වාහන අලෙවි කරන්නකු වූ සයිඩ් ෆරීඩ් කාන් නැමැත්තා මරා දැමීම සම්බන්ධව 22 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us