පසුගිය සිකුරාදා රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් සාහසික වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. ජනාධිපති පුටින් මෙන් ම රුසියාවේ අනුග්‍රහය ලබන යුක්‍රේන රුසියා හිතවාදී බෙදුම්වාදීන්ගේ ක්‍රියාකලාපය ඔහු මෑත දී දැඩි විවේචනයට ලක්කර තිබේ.
චීනය සහ ඉන්දියාවේ ද්විපාර්ශවික ඒකාබද්ධ ශක්තිය දෙරට සමාජ සහ ආර්ථික සංවර්ධනයට යොමු කිරිමට සූදානමින් සිටින බව චීනය පවසයි.
රුසියානු විපක්ෂ නායක බොරිස් නෙම්ස්ටෝව් (Boris Nemstov) ඊයේ රාත්‍රියේ මධ්‍යම මොස්කව් නුවරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.
මැඩගස්කරයේ ඇන්ටනැනරිවෝ අගනුවරට බලපෑ ගංවතුරින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් විසිහතරදහසක් පමණ අවතැන්ව තිබෙන බව වාර්තා වේ.
ඊශ‍්‍රායල හා අමෙරිකාව අතර සම්බන්ධතා පළුදුවීමේ අවධානමක්
ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකාව අතර පවතින සබඳතා පළුදු වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ, කාබුල් නුවර තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඒ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
බංග්ලාදේශ විපක්ෂ නායිකාව අත්අඩංගුවට ගැනීමට නියෝග
බංග්ලාදේශ් අධිකරණයක් එරට විපක්ෂ නායිකා ඛලිදා ෂියා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
ගැටුම් හේතුවෙන් බර අවි ඉවත් කර ගැනීම යුක්‍රේන හමුදාව ප්‍රතික්ෂේප කරයි
නැගෙනහිර යුක්‍රේනයේබෙදුම්වාදී කැරලිකරුවන් යුක්‍රේන් හමුදාවට දිගින් දිගටම පහර දෙන බවට චෝදනා කරමින් යුක්‍රේන් බර අවි යුද පෙරමුණෙන් ඉවත්කර ගැනීම පොරොන්දු වූ පරිදි සඳුදා සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
