ඉරාකය, සිරියාව සහ ලිබියාවේ බලය පතුරුවමින් සිටින ඉස්ලාමීය අන්තවාදී අයි.එස්. කැරළිකරුවන් සිය ප‍්‍රචාරක යාන්ත‍්‍රණය අන්තර් ජාලය වෙත පුළුල් කර ඇත.

රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදා අතර ඇති කර ගත් සටන් විරාමය ඊයේ (ඉරිදා) පටන් ආරම්භ විය.

ඉරාකයේ සුන්නි නායක ෂෙයික් කාසිම් ස්වෙයිඩාන් අල් ජනාබි ඝාතනය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර බැග්ඩෑඩ් නගරයේදී ප්‍රහාරය එල්ල කර ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිළිරුවක් දේවාලයක විවෘත කිරීමට දරණ ලද ප්‍රයත්නයක් අගමැතිවරයා ඊට අප්‍රසාදය පලකිරීමත් සමග අදාළ පාර්ශවයන් විසින් අත්හැර දමා තිබේ.

පෙබරවාරි 15 දා සිට නැගෙනහිර යුක්‍රේනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරු නිවේදනය කර ඇත.

යුක්‍රේන අර්බුදය පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් බදාදා පැවැත්වීමට නියමිතව තිබියදී ඊ‍ට පෙර දින නැඟෙනහිර යුක්‍රේනයේ රුසියන් හිතවාදී කැරලිකරුවන් සහ යුක්‍රේන හමුදාව අතර දරුණු සටන් ඇවිලී ගොස් තිබේ.

ඉන්දීය දිල්ලි ප්‍රාන්ත මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්ෂයට හිමිවිය.

උතුරු කොරියාව විසින් අතිශය සූක්ෂම ක්‍රමෝපායික බුද්ධිමය රොකට්ටුවක් පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා තිබේ. එය එරට නාවික හමුදාවේ පරිහරණයට යොදා ගනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙමගින් තහවුරු වී ඇත්තේ උතුරු කොරියාව සිය මිසයිල තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින බව යයි නිරීක්ෂකයෝ පවසති.

උතුරු කෙරියන් නායක කිම් ජොං-අන්ගේ සුපරික්ෂාව යටතේ, ඊසානදිග නාවික හමුදාව විසින් මෙම අත්හදා බැලීම සිදු කළ බව කොරියන් මධ්‍යම ප්‍රවෘත්ති නියෝජ්‍යායතනය (KCNA) පවසයි. කෙසේවෙතත්, එය සිදු කළේ කවදාද, කුමන ස්ථානයක සිට ද යන්න අනාවරණය කර නැත.

මෙම නැව් ප්‍රහාරක රොකට්ටුව ළඟදී ම උතුරු කොරියන් නාවුක හමුදාවට ලබාදීමට සැලසුම්කර තිබේ. මෙම අත්හදාබැලීමේ සාර්ථකත්වයෙන් උද්ධාමයට පත්වූ උතුරු කොරියන් නායකයා මෙවැනි ක්‍රමෝපායික අති සූක්ෂම ආයුධ සංවර්ධනය කළ යුතු බව පැවසූ බව වාර්තා වේ.

න්‍යෂ්ටික බලවතෙක් වන උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල සහ රොකට් නිපදවීමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැනටමත් දැඩි සම්බාධක පනවා තිබේ.

 

(dinamina)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us