පසුගියදා ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත සිය පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටි රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බවට පවසන අන්සොර් ගුබෂෙව් සහ සයුර් ඩඩෝයෙව් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන රාජ්‍ය විමර්ශන කමිටුව පවසයි.

මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයෙන් සොයාගත හැකි බවට තමන්ට විශ්වාසයක් ඇතැයි මැලේසියානු ප්‍රවාහන ඇමතිවරයා පවසා තිබේ.

අයි.එස් සටන්කාමීන් විසින් ඉරාකයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පෞරාණික නගරයක් වන නිම්රුඩ්හි පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෝසර් යොදා ගනිමින් සටන්කාමීන් මෙම නගරය විනාශ කර ඇති බවයි.

2012 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ සමූහ අතවරය අලලා නිර්මාණය වූ ‘India's daughter’ චිත්‍රපටය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.

අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක්‌ වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනාචාරය අපරාධයක්‌ නොවන බව දකුණු කොරියානු අධිකරණය තීන්දු කර ඇත. මීට පෙර 1953 සම්මත කළ නීතියක් අනුව අනාචාරය අපරාධයක්‌ බවත් එය ඔප්පු වුවහොත් වසර දෙකක දඬුවම් හිමිවන බවත් ප්‍රකාශ කර තිබිණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us