දඩ මුදල් නොගෙවා සිටින රැදවියන් අද සිට නිදහස් !

Published in පුවත්
Saturday, 09 January 2021 12:28

දඩ මුදල් නොගෙවා බන්ධනාගාරවල සිටින සියලු රැදවියන්ට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්වය පැතිරීම මත විශේෂ රාජ්‍ය සමාවක් යටතේ දඩ මුදල් නොගෙවා බන්ධනාගාර වල සිටින සියලුම සිරකරුවන් අද දිනයේම නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. එය අද දිනයේම ක්‍රියාවට නංවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මාධ්‍යට පවසා සිටියේ.

තවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ නිදහස හිමිවන රැදවියන් සියලු දෙනා හට PCR පරීක්ෂණ සිදුකරන බවත්, එම පරීක්ෂණ වාර්තා වලින් කොරෝනා ආසාදනය නොවූ රැදවියන් පමණක් නිදහස් කරන අතර ,යම් රැදවියකට PCR පරීක්ෂණයෙදී කොවිඩ් අසාදිත බව තහවුරු වුවහොත් එම රැදවියන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සුව වූ පසු නැවතත් PCR පරීක්ෂණයක් සිදු කොට නිදහස් කරන බවත් ඔහු පවසා සිටියා.

එම නිසා කිසිවෙකුත් නිදහස් කරන රැදවියන් පිළිබදව බියවිය යුතු නැති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම්දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us