දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක් !

Published in පුවත්
Saturday, 09 January 2021 14:15

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දෙවසරක කාලයක් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.

කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අගමැතිවරයා හට පැහැදිලි කර තිබේනවා.

එහි දී ඔවුන් 2021-2023 කාලය තුළ ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම ඇතුළු මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළක් සහ සිනමාශාලාවල වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු ද අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

සිනමාශාලාවල විදුලිය ගාස්තු ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන ගණනය කිරීම, විනෝද බද්ද වසර දෙකක කාලයක් සඳහා 05% දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂඥ කමිටුවක් යටතට පත්කිරීම, සිනමාපට නිෂ්පාදනය සඳහා 4 - 6%ක පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා දීම, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යවල සහනදායී ප්‍රචාරක වැඩපිළිවෙළක් සැකසීම ආදි කරුණු පිළිබඳ මෙම හමුවේ දී අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා අදාළ යෝජනා ඒ ඒ ආයතන හා අංශ වෙත යොමු කර සාකච්ඡා කරන ලෙස එහිදී අගමැතිවරයා දැනුම් දදී තිබේ. ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුම්වත් කරමින් ඉදිරියේ දී මෙම සහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුවකට එළැඹීමට නියමිත බවයි අගමැති මාධ්‍ය අංශය පවසන්නේ.

සිනමා කර්මාන්තයෙහි නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ද චිත්‍රපට නිෂ්පාදන සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් වි තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us