ජනාධිපති හරීන් ගැන කළ ප්‍රකාශයට එරෙහිව සජබයේන් කථානායකට පැමිණිල්ලක් !  

Published in පුවත්
Wednesday, 13 January 2021 11:39

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සමගි ජනබලවේගය අද (13 වැනිදා) දිනයේ කථානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙනු ඇත. ජනාධිපතිවරයා සිදු හරීන් මන්ත්‍රීවරයාට එරෙහිව සිදුකළ එම ප්‍රකාශය මෙසේය ,

''මම බලයට පත් වුණාට පස්සේ ගියපාර වාගේ දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ. නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කරලා දේශපාලනය මුල්කරගෙන වැඩකරන්න මම සූදානම් නැහැ. හැබැයි එහෙම කරනකොටත් අවසනාවකට වාගේ දැන් විරුද්ධ පක්ෂයත් තේරුම් අරගෙන නැහැ. ඒ අයත් අර පාදඩ දේශපාලනය තවමත් කරනවා. පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරෝත්තු වන්නේ. නන්දසේන කියලා.. ඔව් මම නන්නදසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා. අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවානම් මට ඒ ජාතියෙන් කරන්නනත් පුළුවන්. දැක්කනේ මට අර පිත්තල හංදියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කළපුවේ උස්සගෙන අවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්. දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දෙශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න“

මේ අතර ජනාධිපතිවරයා සිදු කරන ලද ප්‍රකාශයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද පස්වරු 4.00ට නිදහස් චතුරශ්‍රය අසල ''භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සුරකිනු '' යන මැයෙන් නිහඩ විරෝධතාවක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කර තිබේ.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 13 January 2021 13:53

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us