උග්‍ර පිළිකා කාරක බවට තහවුරු වූ ආනයනික පොල්තෙල් බහලුම් 6ක් ප්‍රතිඅපනයනයට !

Published in පුවත්
Wednesday, 07 April 2021 09:42

පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් ඊයේ (06) කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වෙනවා.

එම බහලුම් 06 කටාන රිෆයිනරීස් සමාගමට අයත් “ඇෆ්ලටොක්සින්“ ඉහළ ප්‍රතිශතයක් අඩංගු පොල්තෙල් බවටයි තහවුරු වී ඇත්තේ.

කටාන බටපත්තල පිහිටි සමාගමට අයත් අංගනයේ තිබි අදාළ බහලුම් පසුගියදා රේගු නිවාරණ අංශය වෙත ගෙනවිත් තිබුණි.

මේ අතර අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 04ක් ගෙන්වා තිබු අතර ඒවායේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව පැවසෙයි. තවද එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහලුම් 03ක් ගෙන්වා ඇත . ඒ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් ය.

එම සමාගම්වල බහලුම් ද ඉදිරි දිනවල ප්‍රතිඅපනයනය කිරීමට නියමිත බව සඳහන් ය.

මේ අතර පාම් තෙල් ආනයනය නතර කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් උපදෙස් අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us