මද්‍රසා පාසල්,මුස්ලිම් අධිකරණ නීති ගැන ආණ්ඩුව සති දෙකක් තුළ තීරණයක් ගත යුතුයි - රතන හිමි

Published in පුවත්
Thursday, 22 April 2021 09:53

මද්‍රසා පාසල් සහ මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුළ තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකශ කර තිබෙනවා.

උන්වහන්සේ එම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සිදුව වසර දෙකක් ගතව ඇති අවස්ථාවක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයක් කුමක් සිදුකරන්නේ ද? යන ගැටලුව සමාජය ඉදිරියේ ඇති බව උන්වහන්සේ සදහන් කර ඇත.

මද්‍රසා පාස්ලවල තිබෙන පාඨමාලා පිළිබඳ ව ආගමික කටයුතු අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් නොමැති බවත් මද්‍රසා පාසල් රජය යටතට පත්කර ගත යුතු බවත්, කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳ ජාතික සම්මුතියක් සකසා ගැනීම ජනාධිපතිවරයා ඇති වගකීම බවත් උන්වහන්සේ කියා සදහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පූජ්‍ය අතුරලියේ රතන හිමි,

“කොමිෂන් සභාවේ වැදගත් නිර්දේශ තියෙනවා. අපි එතනින් පටන් ගන්න ඕනේ. අපි දන්නවා සහරාන්ලා තවත් දහස් ගණනක් බිහිකරන්න පුළුවන් තැන තමයි මේ ඔලු හෝදන කර්මාන්ත ශාලා. ඒවට අපි කියනවා විශ්වවිද්‍යාල කියලා. අපි දන්නවා හිස්බුල්ලා විදේශ රටවලින් විශාල ඉඩම් අරන් තියෙනවා. කෝටි ගණනක ධනයක් අරගෙන මඩකලපුව විශ්වවිද්‍යාලය නමින් හදලා ඔලු හෝදන මධ්‍යස්ථානයක් ලෙස මධ්‍යස්ථානයක් ලෙස සකස් කරලා තියෙනවා. මෙවැනි දේ පිළිබඳ ගොඩක් ප්‍රශ්න තිබිය දී හිස්බුල්ලාගේ නඩුව අහන්නේ නැත්තේ ඇයි? කොමිෂන් සභාවේ කියලා තියෙනවා සූඛී මුස්ලිම්වරු සෑහෙන පිරිසක් ජීවිත් වුණා. වලදාපු මිනියටවත් ඒ ස්ථානවල ඉඩදුන්නේ නෑ සහරාන්ගේ ගෝලයෝ කියලා'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us