වහාම ඉන්දියාවෙන් පිට වෙන්න ! ඇමරිකාව ඉන්දියාවේ සිටින ඇමෙරිකානු පුරවැසියන්ට දැනුම්දෙයි !  

Published in පුවත්
Friday, 30 April 2021 11:54

මේ වන විට ඉන්දියාවේ රැදී සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදය රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ ඇමෙරිකානු රජය සිය පුරවැසියන්ට දන්වා සිටින්නේ වහාම ඉන්දියාවෙන් පිටවන ලෙසටයි.

එමෙන්ම ඉන්දියාවේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් සිව්වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවේශය සීමා කර ඇති බවයි.

ඉතා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාවට ඔවුන්ගේ පුරවැසියන්ට ද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ද මේ වන විට අසීරු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සිය රට වැසියන්ට ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය දැනුම් දී ඇත.

ඉන්දියාවේ සිටින ඇමෙරිකානුවන් එරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් විශේෂ ගුවන් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඇමෙරිකානු රජය කඩිනම් පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us