ලංකාව තුල ඩොලර් වලින් ගනුදෙනුවට අවස්ථාවක් !

Published in පුවත්
Monday, 03 May 2021 10:31

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් නිකුත් කර ඇත.

ඒ අනුව සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්ගෙන් ඩොලර්වලින් සිදුකරන ගෙවීම් භාර ගැනීමට හෝටල්වලට අවසර පවතී. ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති විදේශ මුදල් බැංකු පද්ධතියට ඇද ගැනීමේ අරමුණින් මෙම අවසරය ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

මෙතෙක් කලක් විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ ඇති විදේශිකයන්ගෙන් පමණක් ලබාගන්නා සේවා වෙනුවෙන් ​හෝටල්වලට ඩොලර්වලින් ගෙවීම් සිදුකළ හැකිය. දැන් මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලාංකිකයන් සතු විදේශ විනිමය (ඩොලර්) හෝටල්වල බිල්පත් සහ වෙනත් ගෙවීම් වෙනුවෙන් භාවිත කළ හැකිය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියෝගයන්ට අනුව ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තබාගත හැකි ඩොලර් ප්‍රමාණය 10,000 සිට 15,000 දක්වා ඉහළ නංවා ඇත. එසේම මහ බැංකුව විසින් වාණිජ බැංකු හරහා හඳුන්වා දෙන ලද විශේෂ බැංකු ගිණුම්වල තැන්පත් කරන ඇමරිකානු ඩොලර් වෙනුවෙන් අතිරේක 2% ක පොලී ප්‍රතිශතයක්ද ලබාදෙනු ලබයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us