කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් 75% ක් ශ්‍රී ලාංකිකයින්ට !

Published in පුවත්
Wednesday, 19 May 2021 12:14

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකශ කර තිබෙනවා.

අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භ වු අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා එම අදහස් පළ කළේය.

එහිදී අගමැතිවරයා කියා සිටියේය ඒ සඳහා අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින්ට නොමැති අවස්ථාවල දී එම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබාදිය යුතු බවයි.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින් සිටිය යුතු බවත්, එහි සභාපතීත්වය ද ශ්‍රී ලාංකිකයෙකුට හිමි විය යුතු බවට වන යෝජනාවත් පනත තුළින් ම තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා සඳහන් කර ඇත.

කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පුද්ගලයින් දෙලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මුල් වසර 5 තුළ දී රැකියා හිමිවන බවට තක්සේරු කර ඇති බවත් අගමැතිවරයා සදහන් කර තිබේ.

කොළඹ වරාය නගරය පදනම් කර ගනිමින් ඉදිරි වසර 5 තුළ දී අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසු අගමැතිවරයා ඉහළ පෙළේ ආයෝජකයින් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නියෝගයන් පිළිගන්නා බවත් එම සංශෝධන දෙවැනි කියවීමට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් පැවසු අගමැතිවරයා සියලු සහෝදර පක්ෂවලට ඇහුම්කන් දෙමින් තවත් සංශෝධන ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us