ගමින් ගමට, දොරින් දොරට...

Published in පුවත්
Sunday, 30 January 2022 09:10

වත්මන් රජයේ ' සෞභාග්‍යයේ දැක්ම ' යතාර්ථයක් කරමින් ගමින් ගමට, දොරින් දොරට ජන අභිමුව අධිකරණාභිමානයක උතුරු පළාත් ප්‍රවිශ්ඨය වූ ' Access to Justice ' ( යුක්‍තියට ප්‍රවේශය ) විශේෂ ජංගම සේවාවේ යාපනය දිස්ත්‍රික් සමාරම්භය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරීස්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී ඊයේ(29)ආරම්භ කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදු කරනු ලබන කාර්ය භාරයන් පිළිබදව උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීම හා ඒම ආයතනවලින් ලබා දෙන සේවාවන් කඩිනමින් ලබාදීම, ගැටුම් හේතුවෙන් අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල් සදහා වන්දි පිරිනැමීම හා සාමය හා සංහිදියාව පිළිබදව උතුරේ ජනතාවට පවතින අවබෝධය තවදුරටත් වර්ධනය කිරීම මෙම ජංගම සේවයේ මුලික අරමුණයි.

සියලු ජාතීන් අතර සමගිය හා ඒක්සත් බව ආරක්ෂා කර ගනිමින් සංහිදියාව ජාතික සමගිය ඇති කරලීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් සියලු දෙනා අතර සාමය සමගිය ඒක්සත් බව ඇති කරලීමට කැපවීමෙන් කටයුතු කරන බවත් අමාත්‍ය අලි සබ්රි මහතා පවැසීය.

අධිකරණ අමාත්‍යාංශයට යටතේ පවතින අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා කාර්යාලය තුළින් උතුරේ ජනතාවට ලබා දිය හැකි උපරිම සේවාවන් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, අතුරුදහන් පුද්ගලයින් සදහා වු කාර්යාලය ක්‍රියාකාරී ආයතනයක් බවට පත් කර ඇති අතර ජංගම සේවාව මුල් කොට ගෙන පමණක් රුපියල් මිලියන 100 ක පමණ මුදලක් ගැටුම් හේතුවෙන් අතුරුදහන් වු ජනතාවගේ පවුල් වෙත වන්දි වශයෙන් ලබාදීමට පියවර ගත් බවත්, සදහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය G.L. පීරිස් මහතා අදහස් පළ කරමින් සදහන් කළේ අතුරුදහන් වු පුද්ගලයින් සදහා වු කාර්යාලය විසින් වන්දි ලබාදීමට ජංගම සේවාව පැවැත්වෙන කාලය තුළ පමණක් රුපියල් මිලියන 100 ක මුදලක් වෙන් කර තිබීම අගය කළ යුතු අතර මේ සදහා නායකත්වය ලබාදීම පිළිබදව අධිකරණ අමාත්‍යවරයාට කෘතවේදීත්වය පළ කළ යුතු බවයි.

නීතිමය පිළිබදව පවතින නොදැනුවත්කම නිසාම ජනතාව වැරදි සිදු කරනු ලබන බවත්, රටේ පවතින නීතිය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් ක්‍රියාවක් බවත් සදහන් කරන ලදී.

අධිකරණ අමාත්‍යංශයේ ' Access to Justice ' ( යුක්‍තියට ප්‍රවේශයක් ) උතුරු පළාත් යාපනය දිස්ත්‍රික් විශේෂ ජංගම සේවාවට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ ' සෞභාග්‍යයේ දැක්ම ' යතාර්ථයක් කරමින් රජයේ ප්‍රතිපාදන රුපියල් මිලියන 180 ක් යොදවමින් ඉදිකරන ලද යාපනය අධිකරණ සංකීර්ණයේ නව මහාධිකරණ ගොඩනැගිල්ල නිරීක්ෂණය කරමින් නිල වශයෙන් විවෘත කිරීම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජනවාරි 29,30 දෙදින පුරා යාපනය මධ්‍ය මහා විද්‍යාලයේදී ජංගම සේවය පැවැත්වෙන අතර එහිදී අධිකරණ අමාත්‍යංශය අනුබද්ධ ආයතන මුල්කොට ගනිමින් ආරවුල් විසඳා ගැනීම සඳහා නීති උපදෙස් ,ඉඩම් හා දේපල ආරවුල් පිළිබඳ ගැටළු සදහා විසඳුම් ,සමථ ක්‍රියාවලිය හා විකල්ප ආරවුල් විසඳුම් ක්‍රම හදුන්වාදීම, මත් ද්‍රව්‍ය නිවාරණය, නීතිය හා සංහිඳියාව පිළිබඳ පාසැල් සිසුන් දැනුවත් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳව පැමිණිලි විමර්ශණය ,වෘත්තීය පුහුණු මාර්ගෝපදේශ, හැදුනුම්පත්, උපත් හා මරණ සහතික ලබාගැනීමේ ගැටලු විසඳීම ආදි සේවාවන් හා කාර්යන් රැසක් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us