රංජන් වෙනුවෙන් මානව හිමිකම් ගිය හරීන් මනුෂ !

Published in පුවත්
Saturday, 05 March 2022 13:16

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් නව වැනි සැසිවාරය මේ දිනවල පැවැත්වේ. පසුගිය 28 වැනි දා ඇරඹි එම සැසිවාරය ලබන 9 වැනිදා දක්වා පැවැත්වේ.

ජිනීවා මෙන්ම මානව හිමිකම් කවුන්සිලය ගැන පසුගිය වකවානුව පුරා අපේ රටේ දිගින් දිගටම කතා කෙරිණි. සෑම වසරකම එම සැසිවාරය ආරම්භ කෙරෙන වකවානුව වන විට අපේ රටේ දේශපාලන කරළියද උණුසුම් වේ. මානව හිමිකම් සැසිය ජිනීවාහි පැවැත්වෙන විට ඒ පිළිබඳ කරළියේ වැඩිම කතා ඇසෙන්නේ අපේ රට තුළය. ගෙවුණු වකවානුව පුරා දිගින් දිගටම ඇසුණු ඒ කතා හේතුවෙන් අපට එහි අමුත්තක් නොදැනේ.

මෙවර මානව හිමිකම් සැසියට ජී. එල්. පීරිස් විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස නිල වශයෙන් සහභාගි වන විට තවත් පිරිස් එක එක හේතු ගැන කතා කරමින් ජිනීවා බලා පිටත්ව ගොස් ඇත. ඒ අයට එහෙම යන්න අයිතියක් තිබේ. ඒ අයිතියට අපට බාධා කළ නොහැකිය. ඒත් ඒ තුළ රටට එල්ල විය හැකි අභියෝග පිළිබඳ කවුරු කවුරුත් කල්පනා කළ යුතුය. අවුරුදු තිහක් ත්‍රස්තවාදය නිසා අපේ රටත් රටෙහි ජනතාවත් දැඩි ලෙස බැට කෑහ. වේලුපිල්ලේ ප්‍රභාකරන් ජනතාවට මරණ වරෙන්තු ලියා දී තිබිණි. උතුරේ දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් කරල එල්ලූ ප්‍රභාකරන් දරුවන්ගේ ළමා ලෝකය වෙනුවට පෙන්නා දුන්නේ මරණයේ ලෝකයයි. ත්‍රස්තවාදයේ අවසන් වකවානුව ගැන අද කතා කතා කරන බොහෝ දෙනෙකු එදා ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වය ගැන වචනයක හෝ කතා නොකළේය. එදා ඔවුන් හැසිරුණේ කසාය බීගත් ගොළුවන් සේය. ශ්‍රී මහා බෝධියට, දළඳා මැඳුරට, අරන්තලාවට කාත්තන්කුඩියට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල වන විට බොහෝදෙනෙක් මුනිවත රැක්කහ. සිවිල් ජනතාව ඉලක්ක කර මහමග බෝම්බ පුපුරුවන විට ඒ අය වචනයක් කතා නොකළේය. පසුගිය මානව හිමිකම් සැසි වාර පුරා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන ආවේය. යෝජනා සම්මත කළේය. ඒ යෝජනා වෙනුවෙන් අපේ ගොඩක් අය උල්පන්දම් දුන්හ. රට තුළ වගේම රටින් පිටත් ඔවුන්ගේ මෙහෙයුම් ගෙන ගියේය. මොන දේටත් ජිනීවා යනවා කියන තරමට අපේ රටේ ඇතැම් දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ න්‍යාය පත්‍ර මෙහෙයවන්නට විය. ඒ න්‍යාය පත්‍ර තුළ එක එක අරමුණු පෙනෙන්නට තිබේ. සමහරුන්ට හෙම්බිරිස්සාවක් හැදුනත් ජිනීවා යනවා කියන තරමට ඒ අය රට හෑල්ලුවට ලක් කිරීමකි.

රංජන්ට නිදහස පතා හරීන්, මනූෂ මේ ගමන මේ ගමන මානව හිමිකම් ගියෝය. තමන්ගේ දේශපාලන කණ්ඩායමේ සගයන් වෙනුවෙන් පෙනී සිටීමේ යුතුකමක් හරීන්ලාට, මනුෂලාට තිබේ. ඒත් මේ ගියේ රංජන්ට අවංකව නිදහස ඉල්ලාද? නැති නම් තමන්ට චරිතයක් හදා ගන්නද? යන්න ගැටලුවකි.

අපේ රටේ තිබුණු සෑම විපක්ෂයක්ම ආණ්ඩුවට වගකීම දී මඟඇර ගියේය. ඒ අය එහෙම මඟහැර ගියා නම් ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙවේ. හැබැයි ගොඩක් වෙලාවට ඒ අය කළේ රට අසීරු වෙන වෙලාවට බොර දියේ මාළු බාන එකයි. හැබැයි මේ බොර දියේ මාළුබාන වෙලාවක් නොවේ. ව්‍යසනය මැද මුළු ලෝකයම අසීරුවට පත් වුණු වෙලාවේ රට වෙනුවෙන් ඒ අය ඒ අයගේ යුතුකම හරියටම කරන්න ඕනෑය. එහෙම කළොත් ජනතාව හරීන්ලට හරියටම සලකාවිය . එහෙම නැතුව රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කර එක එක චරිතවලට සලකන්න මේ අය ගියොත් ජනතාව ඒකටත් හරියට සලකන බව නම් අපට විශ්වාසය ..

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us