මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවත් වැඩ අරඹයි !

Published in පුවත්
Monday, 07 March 2022 18:41

මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වේ. කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයේ.

මෙම ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සාමාන්‍ය පොර්ට්ලන්ඩ්, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයට ද සැලසුම් කර තිබේ. මෙමගින් නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි රජයේ අපේක්ෂාවයි.

දකුණු ආසියාවේ දුර්වලම ආර්ථිකයක් සමග භාරගත් රට සියලු අභියෝග හමුවේ පෙරට ගෙන යමින් රටට අවශ්‍ය සියලු දේ දේශීයව නිෂ්පාදනය කරගැනීමේ වගකීම රජය භාරගනිමින් ඒ සදහා මේ වන විටත් මෙවන් සංවර්ධන රැසකට රට ගෙන ගොස් ඇත. එමෙන්ම මෙතෙක් රට තුළ පැවති ආයෝජන කලාප සංඛ්‍යාව 14කි. 2024 වර්ෂය අවසාන වීමට පෙර නව ආයෝජන කලාප 11ක් ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි. මෙවන් සාධනීය තීන්දු තීරණ ගනිමින් අපනයන ආර්ථිකය ඉහළ නංවමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටීම අගනේය..

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us