අරගලය රට අරන් යන්නේ කොයිදෙසටද ???

Published in පුවත්
Monday, 11 April 2022 15:24

පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.

වත්මන් ආණ්ඩුවට එරෙහිව රට පුරා සිදු කරන උද්ඝෝෂණ හා පෙළපාළි හේතුවෙන් සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා මෙසේ ආදායම අහිමි වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා තිබෙනවා.

දළ වශයෙන් එක් දිනක දී සංචාරකයන් 3,800ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණි නමුත් රට පුරා පවතින උද්ඝෝෂණ හා පෙළපාලි හේතුවෙන් අද වන විට දෛනික සංචාරක පැමිණීම ආසන්න වශයෙන් 2,800ක් දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.

ඒ අනුව සංචාරකයකු මෙරටට පැමිණි පසුව ආසන්න වශයෙන් අමෙරිකන් ඩොලර් 175ක පමණ මුදලක් දිනකට රටට හිමි වන බවද සංචාරක පැමිණීම අඩාළ වීම තුළ දිනකට රටට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 542.5 ක් (ඇමෙරිකන් ඩොලර් 175,000) බවට ගණනය කර ඇත. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන්නකි.

මේ අතර ලංකාවේ පවතින තත්වය තුළ ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් විශාල වශයෙන් සංචාරක පැමිණීම් අවලංගු කර තිබෙ. ඒ තත්ත්වය තුළ සංචාරක පැමිණීම විශාල වශයෙන් පහත වැටෙන අතර කොවිඩ් 19 වසංගතයෙන් පසුව අඩාල වූ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පැවැති මොහොතක මේ කඩාවැටීම අතිශය ඛේදාන්තයකි. මේ වර්ෂය අවසන් වනවිට විදෙස් සංචාරකයන් ලක්ෂ 23ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක අමාත්‍යංශය ගණනය කළ ඇත. එවැනි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් අමෙරිකානු ඩොලර් බිලියන 2.3ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබුණු බවත් සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවා ගිය අතර ඒ අනුව පසුගිය මාර්තු මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 106,500ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියා .මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු මාසයේ අවසානය දක්වා මෙරටට සංචාරකයන් 280,026 දෙනකු පැමිණ තිබෙන අතර පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82,327 කි. පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරකයන් 96,507ක සහ පසුගිය වසරේ (2021) මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි.

ඕනෑම රටක ජන අරගලයක් තම උපන් දේශය විනාශ කිරීමට නුපන් අරගලයක් විය යුතුය..යම් හෙයකින් එය රටට මෙලෙස කොඩිවිනයක් වන අරගලයක් නම් පුරවැසියන් ලෙස කල්පනා කළ යුත්තේ මේ අරගලය ඔබ අරන් යන්නේ කොයිබටද කියාය..මේ අසීරු කාලයේදී පටු දේශපාලන පක්ෂ වල ඉත්තන් බවට පත් නොවී මව් බිම නැවත ගොඩ නගන්නට ඔබේ දායකත්වය රටට ලබා දෙන්න..ඒ තුළින් පමණක් ඔබේ ඉල්ලීම් ඔබට ඉටු කරගත හැකි වනු ඇත.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us