IMF යෑමට රජය ගත් තීන්දුවත් සමඟ රුපියල ශක්තිමත් වීම ඇරඹෙයි !

Published in පුවත්
Tuesday, 12 April 2022 19:13

එක්සත් ජනපද ඩොලරයකට නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මේ දක්වා ගෙවූ රුපියල් ප්‍රමාණය ඊයේ (11) වන විට ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.79ක් වූ අතර විකිණුම් මිල රුපියල් 327. 49ක් විය. වෙළෙඳපොළ ආරංචි මාර්ග හෙළි කළ අන්දමට විදෙස් විනිමය හුවමාරු කරන්නන් එක්සත් ජනපද ඩොලරයකට ගෙවූ මිල රුපියල් 350-360 අතර විය.

ඒ අනුව පසුගිය දිනවල විදෙස් විනිමය හුමාරු කරන්නන් එක්සත් ජනපද ඩොලරයකට ගෙවූ මුදල රුපියල් 400 - 420 සිට රුපියල් 350-360 දක්වා පහත වැටී ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි විණි.

පසුගිය සති දෙකක කාලය තුළ රජය ක්‍රියාවට නැංවූ ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන් අමෙරිකානු ඩොලරයේ මිල මෙසේ පහත වැටී ඇති බවත් එම ආරංචි මාර්ග හෙළි කළේය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පා කර හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මස 10 වැනි දා තීන්දු කළ අතර ඒ සමඟ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් තමන් උපයන මුදල් මාර්තු මාසයේ සිට නීත්‍යනුකූල මාර්ග ඔස්සේ බැංකුවලට එවීමට පෙළඹී ඇති බවත් වාර්තා වේ.

එසේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යෑමට රජය ගත් තීන්දුවත් සමඟ රුපියලේ අගය ශක්තිමත් වීමට පටන් ගෙන ඇත

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us