දේශපාලන කුළල් කා ගැනීමෙන් අපට ලැබිය හැක්කේ විනාශයම පමණි!

Published in පුවත්
Wednesday, 13 April 2022 18:57

යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල දරුණු ලෙස ඉහළ යෑමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.

එබැවින් ණය පැහැර හැරීමෙන් වැළකීම සඳහා ස්වෛරීත්ව බැඳුම්කර වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් යටතේ සිදු කිරීමට අවශ්‍ය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

කොවිඩ් වසංගතය තවමත් බොහෝ රටවල අයවැය දැඩි පීඩාවට පත් කරමින් සිටින බවත්, යුක්රේන යුද්ධය පෙර නොවූ විරූ මට්ටමේ ණය ගෙවීමේ අවදානමක් මතු කර ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වික්ටර් ගැස්පර් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් වාර්තා කළේය.

"ආහාර සහ බලශක්ති මිල ඉහළ යාම අඩු ආදායම්ලාභී රටවලට විශේෂයෙන් දැඩි ලෙස බලපාන අතර ඔවුන්ට තවත් ප්‍රදාන සහ ඉහළ සහනදායී මූල්‍යකරණයක් අවශ්‍ය විය හැකියි. ණය විනිවිදභාවය වැඩිදියුණු කිරීම සහ අවදානම් අවම කිරීම සඳහා ණය කළමනාකරණ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා රටවල් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි." ඔහු ප්‍රකාශ කර තිබේ.

අඩු ආදායම්ලාභී රටවලින් සියයට 60ක් පමණ දැනටමත් ණය උවදුරුවල හෝ අවදානමට ලක්ව ඇතැයිද වාර්තා වේ.

මේ වන විට ශ්‍රීලංකා මහබැංකුවද ණය ගෙවීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශයට පත් කර තිබේ. එම තත්යන් කළමණාකරනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාක්ච්ඡා කිරීමටද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ද අවතීර්ණ වී ඇත. කොහොම නමුත් ගෝලීය වසංගත තත්වයත් මේ වන විට පවතින යුක්‍රේන යුධ තත්වයත් මෙරට ආර්ථිකය බිඳ වැටට්වීම මේ වන විට සිදුකර අවසන්ය. පවතින අර්බුදකාරිත්වයෙන් මිදීමට තව වසර ගනනාවක් යනු ඇති බවත් ආර්ථික විශේෂඥයන් පෙනවා දී ඇත.

මෙරට දේශපාලන අධිකාරියෙහි කවර වෙනසක් සිදුවූවත් මෙම තත්වයන් කඩිනමින් වෙනස් කිරීමට නොහැකි බවත් ඇතැමෙක් පෙන්වා දෙයි. මේ අනුව මේ මොහොතේදී රට තවත් අනතුරකට වැටීම වැලැක්වීම වෙනුවෙන් පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ගැනීම අනිවාර්ය කොන්දේසියක් වී ඇත. ජනතාව තමන්ගේ පීඩනයන් හමුවේ අරගල කළත් ඒවාට විසඳුම් සෙවීම කඩිනමින් සිදුකළ නොහැකි බවත් ඉදිරියේදී සිදුවීමට නියමිත බරපතල අසීරුතා හෝ මඟහැරගැනීම විය යුතුනම් රට සන්සුන් වීම විය යුතුව තිබේ. දේශපාලනික අස්ථාවරයන් හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා මෙරටට සහය වීමට මැලිවීම සිදුවන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.

මෙම බරපතල තත්වයන් ජනතාව තේරුම් නොගන්නේ නම් ඉදිරියේදී සිදුවන බරපතල තත්වයන්ට ජනතාවටද වගකීම බාරගැනීමට සිදුවනු ඇත. අද අප සිටින්නේ දේශපාලනික කුළල් කා ගැනීමේ අවදියක නොවේ. එකමුතුව අවබෝධයෙන් රට වැටීමට නියමිත අභාග්‍යසම්පන්න යුගය මඟ හැරීම වෙනුවෙන් අරගල කළ යුතු කාලයකය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us