ඉන්ධන බෙදා හැරිම කඩිනම් කරන්නැයි උපදෙස් !

Published in පුවත්
Saturday, 16 April 2022 16:56

ඉන්ධන බෙදා හැරිමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දෙනවා.

ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත හා ඩිපෝ වෙත යොමු කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දි තිබෙනවා. කෙසේ වෙතත් මෝටර් රථ, වෑන්, ජීප් සදහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කිරීම ඊයේ සිට සීමා කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන්නේ. ඒ අනුව පවතින ඉන්ධන හිගය හා තදබදය ඉදිරියේ දි අවම වනු ඇති බවට රජය විශ්වාස කරනවා.

මෝටර් රථ, වෑන්, ජීප් සදහා ඉන්ධන නිකුත් කරන්නේ රුපියල් පන්දහසක් දක්වා පමණි. යතුරු පැදි සදහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් දහසකට සීමා කර ඇති අතර ත්‍රී රෝද රථ සදහා රුපියල් එක්දහස් පන්සියයක සීමාවක් පනවා තිබේ. බස් රථ, ලොරි රථ සහ වානිජ කටයුතු සදහා යොදා ගැනෙන ට්‍රැක්ටර් ඇතුළු වාහන සදහා මෙම සීමාව අයත් නොවෙයි..

මේ අතර බූලි සහ බැරල් වෙත ඉන්ධන නිකුත් කිරීම ද සීමා කර තිබෙනවා. ඒ අනුව අවසර ලබාදී ඇති පාර්ශ්ව වෙත පමණක් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඉන්ධන හිගයක් නිර්මාණය වීම වැළැක්වීම සහ විවිධ ජාවාරම් සිදුකිරීම පිළිබද අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. යම් කර්මාන්ත ශාලාවකට බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඊට අවසර ලබාගත යුතු වනවා. කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබාගත යුතුයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us