ඉන්ධන සඟවා තබා ගත් අයට වැඩ වරදී !

Published in පුවත්
Monday, 18 April 2022 18:43

තවලම සහ මීගමුව ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක් මඟින් පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි නොකර සඟවා තබා ගැනීම හේතුවෙන් එම පිරවුම්හල් වෙත ඉන්ධන සැපයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

මෙලෙස අවිධිමත් ලෙස ඇතැම් කණ්ඩායම් සැලසුම් සහගතව රැස් කර ගත් ඉන්ධන අයථා ලෙස ගබඩා කර ගෙන ඇති බවට හා එකී ඉන්ධන නීති විරෝධී ලෙස අලෙවි කරනු ලබන බවට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා නීති මගින් කටයුතු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ දැනුම් දීමට අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා වැටලීම් දියත් කර තිබේ. ඒ අනුව ඉහත ඉන්ධන පිරවුම් හල් දෙක විසින් තම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කරන ලද ඉන්ධන තොග පිරවුම්පොළෙහි භූගත ගබඩාවලට නොපුරවා සංස්ථා ක්‍රියාවලියට පටහැනිව ප්‍රවාහනය කිරීම, ටැජකි රථ තුළ අනවසරයෙන් ගබඩා කර තබා ගැනීම හෝ පාරිභෝගිකයා වෙත අදාළ ඉන්ධන වර්ග අලෙවිය සඳහා ඉදිරිපත් නොකර අනවසර ස්ථානවල රඳවා තබාගෙන ඇති බවට ලැබී තිබුණු පැමිණිලි අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

එම ඉන්ධන සැල් දෙක වෙත සංස්ථා බෙදුම්කාරධුරයන් අහෝසි කිරීම පිණිස වන මූලික ක්‍රියා මාර්ග මේ වන විට ගෙන ඇති බවද ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව ප්‍රකාශ කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us