හිරගෙදරින් ලාබෙට පාන්..

Published in පුවත්
Friday, 29 April 2022 17:08

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහය ඇතුව පාන් රාත්තල රු 110ක ඉතා සහන මුදලකට කොළඹ තදාසන්න ආර්ථික අපහසුතා ඇති ජනතාවට ලබාදීම සඳහා ව්‍යාපාතියක් දියත් කිරීමට ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරික ආයතන කළමණාකාරිත්වය අද දින බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ කළ සාකච්ඡාව පළදරා ඇති බව දැන ගැනීමට තිබේ. ඒ අනුව මැයි පළමු වැනිදා සිටම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බවද දැනගැනීමට තිබේ.

මේ වන විටත් බන්ධනාගාර රැඳෙවියන් පුනරුත්තාපනය කිරීමේ ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරික ආයතනය විසින් සිදුකරන වැඩසටහන අනුව වැලිකඩ බන්ධනාගාර බේකරිය පාන් සහ අනෙකුත් පිටි ආහාර වර්ග කිහිපයක් නිශ්පාදනය කර අලෙවි කිරීම සිදුකෙරේ. මෙමගින් වෘත්තීය පුහුණුවක් සහ අමතර ආදායමක් මෙම රැඳෙවියන්ට ලැබෙන අතර මේ සඳහා වන සම්පූර්ණ පිරිවැය ඇවන්ට්ගාර්ඩ් ආයතනය දරයි.

මෙම ව්‍යාපෘතියම තව දුරටත් සංර්ධනය කරමින් සහ මේ වන විට පවතින බඩු මිළ ඉහළයාම නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලබා දීම අරමුණු කොටගෙන මේ නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. බන්ධනාගාර අධ්‍යක්ෂක ජනරාල් උපුල්දෙණිය මහතා, උඩුවර මහතා සහ චන්දන ඒකනායක මහතාගේ ඉල්ලීමක් පරිදි මෙම ව්‍යාපෘතියට ඇවන්ට්ගාර්ඩ් ආයතනය ඒ සඳහා ඉදිරිපත් වී ඇත.

මෙම නව ව්‍යාපෘතිය සදහා ප්‍රාග්ධනය සැපයීම ද ඇවන්ට්ගාර්ඩ් ආයතනයෙන් සිදුකරන අතර කිසිදු ලාභයක් ලබා නොගෙන සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව දිනකට පාන් ගෙඩි 20,000ක් නිපදවීමට අපේක්ෂා කරන අතර එය ක්‍රමයෙන් පාන් ගෙඩි 40,000 දක්වා වැඩි කිරීමට සැලසුම්කර ඇත.

මෙම ප්‍රජා සත්කාරයේ තවත් අදියරක් ලෙස කෝට්ටේ අවට ආර්ථිකය අපහසුතා ඇති ජනතාවට එක් පවුලකට පාන් ගෙඩි 2ක් බැගින් පවුල් පන්සියයක් සඳහා පාන් ගෙඩි 1,000ක් සෑම දිනකම ලබාදීමට ඇවන්ට්ගාර්ඩ් සභාපතිවරයා තීරණය කර ඇත. මෙම ආර්ථික අර්බුදය අවම වන තුරු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ මහතා තීරණය කර ඇත.

මෙම පාන් බෙදා දීමේ යාන්ත්‍රණය පිළිබඳව නුදුරේදීම ප්‍රදේශවාසීන් දැනුවත් කරනු ඇති බවද එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඇවන්ට්ගාර්ඩ් ආයතනය පසුගියදා බන්ධනාගාර රැඳෙවියන් පුනරුත්තාපනය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස බන්ධනාගාර සතු ඉඩම් වළ එළවළු වගාකර ඒවා සහන මිළට පාරිභෝගිනයන් වෙත ලබා දීමේ වැඩසටහනක් ද ආරම්බ කර තිබිණි. මේ වෙනුවෙන් වන සම්පූර්ණ පිරිවැයද ඇවන්ට්ගාර්ඩ් ආයතනය දරනු ලබයි.

තමා සහ තම ආයතනය වෙත විවිධ විරුද්ධවාදී කොටස් කෙතරම් මඩ අලාද එල්ල කළද ඒ කිසිවකට යටත් නොවී තමන්ගේ සත්‍යවාදී බව දිනෙන් දින ඔප්පු කරමින් තම නිත්‍යානුකූල ව්‍යාපාරයන් දියුණු කර ගනිමන් එම ලාබයෙන් කොටසක් රටේ අභිවෘද්ධිය පිණිස සහ විවිධ ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවගේ යහපත පිණිස යොදවන ඇවන්ට්ගාර්ඩ් ආයතන සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අපේ කාලයේ 'මහා දානපති' යාය යනුවෙන් හැදින්වීම වැරදි නැත. එතරම් ඔහු තම ධනය සමාජ සුබ සාදනය වෙනුවෙන් වැය කර තිබේ. දැන ගැනීමට තිබෙන තොරතුරු පරිදි එය රුපියල් බිලියනයකට වැඩි මිසක් අඩු නොවේ.

තමන්ට එල්ලවූ අපහාස නින්දා ගැරහුම් කිසිවකට නොසැලී තවදුරටත් මේ රට තුළම රැඳී ඔහු කරන මෙහෙවරට අලඟු තියන්නට වෙනත් දේශපාලකයෙක් හෝ ව්‍යාපාරිකයකු මෙරටනම් නැති බව ටක්කෙටම කිව හැක.

- මහේ්ෂි 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us