අර්බුද දරුණුම රටවල් 05 අතර ශ්‍රී ලංකාවත්. විපක්ෂයට අවශ්‍ය මහ මැතිවරණයක්

Published in පුවත්
Tuesday, 11 October 2022 16:56

දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

මේ අතර ලොව දරිද්‍රතාවයෙන් බැටකන කලාප තවත් අර්බුදවලට මුහුණදීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔවුන් අද (11) නිකුත්කළ අලුත්ම වාර්තාවේ සඳහන් වන්නේ ලොව රටවල් 54ක් පමණ ඒ හේතුවෙන් අර්බුදවලට මුහුණදෙමින් ඇති බවය.

ලොව දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවගෙන් අඩකට වඩා එම රටවල්වල ජීවත් වෙති.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසන්නේ එම ජනතාවට කඩිනමින් ණය සහන අවශ්‍ය බවය. නැතහොත් ඔවුන් තවත් දුප්පත් විය හැකි බවත් ඔවුන් නිකුත්කළ එම වාර්තාවේ දැක්වෙයි.

ජාත්‍යන්තර සංවිධාන කෙසේ පැවැසූවත් ලංකාවේ විපක්ෂ දේශපාලන පක්ෂ එක හඬින් තිර ලෙස පවසා සිටින්නේ ඔවුන්ට ආණ්ඩු බලය ලබා දීමෙන් පසුව මේ අර්බුද සියල්ල නිරාකරණය කරන බවයි. ඒ වෙනුවෙන් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම ඔවුන්ගේ වත්මන් දේශපාලන ව්‍යාපෘතිය වී ද තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us