ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබෑම තාවකාලිකයි ! ඉන්දීය සහකාර මහ කොමසාරිස්වරිය සිංහලෙන්ම කියයි  

Published in පුවත්
Thursday, 20 October 2022 10:53

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති තාවකාලික ආර්ථික පසුබෑම ඉතා ඉක්මනින් පහව යනු ඇති බව ඉන්දියානු සහකාර මහ කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අතීරා සරසන් මෙනෙවිය පවසයි.

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ මගින් සංවිධානය කළ උත්සවයක ආරාධිතයෙකු වශයෙන් සහභාගි වූ සහකාර මහ කොමසාරිස්වරිය සිංහල බසින් සභාව අමතමින් එම අදහස් පළ කළා ය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ සහකාර මහ කොමසාරිස්වරිය මෙසේ ද කීවා ය.

“ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අනේ‍යාන්‍ය බැඳීම ඉතාමත් දීර්ඝකාලීන එකක්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සංස්කෘතික, ආගමික, අධ්‍යාපනික, සමාජයීය හා වාණිජමය බැඳීම් වෙනත් රටවල් අතර පවතින බැඳීම්වලට වඩා ඉතා ශක්තිමත් වූ එකක්. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්ව සිටියත් එම තත්ත්වය ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බව අපේ විශ්වාසයයි. රටකට යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වීම වගේ ම කැපවීමෙන් යුක්තව එම තත්ත්වයන් හට මුහුණ දීම මගින් එම ගැටලු විසඳා ගැනීම සිදුවෙනවා. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දී තිබෙනවා. ඉදිරියටත් ඒ ආකාරයෙන් ම ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබෙනවා.

සංචාරක ව්‍යාපාරය නිසි අයුරින් කළමනාකරණය කිරීමෙන් පමණක් ම ශ්‍රී ලංකාවට විශාල ආර්ථික උත්තේජනය ලබන්න පුළුවන්. ශ්‍රී ලංකාව යනු ලොව සංචාරක ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක් වූ රටක්. මෙම තත්ත්වයන් මත වුව ද මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ වැනි ව්‍යාපාරික සංගම් අභියෝග දරා ගනිමින් රටේ ආර්ථිකය ඉහළ නැංවීම උදෙසා ලබා දෙන දායකත්වය අගය කළ යුතුයි.”

ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරිය අප රටට සිදු කරන මෙහෙවර අගයමින් මහනුවර සිංහල වෙළෙඳ සංගමය ඇයට උපහාර සමරු තිළිණයක් ප්‍රදානය කළේ ය.

mawbima

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us