අභියෝගාත්මක අයවැයක් ලබන වසරේ - මුදල් රාජ්‍ය ඇමැති කියයි !

Published in පුවත්
Saturday, 07 October 2023 10:40

අභියෝගාත්මක අයවැයක් ලබන වසර සඳහා ඉදිරිපත් කරනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අවිස්සාවේල්ල දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (6) පැවති රැස්වීමකදී සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ ඍණ තත්ත්වයේ තිබූ රටේ ආර්ථිකය ලබන වසරේ 1.7%ක වර්ධනයකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සුභසාධනය, ආරක්ෂාව සහ සංවර්ධනය යන ප්‍රධාන සාධක ත්‍රිත්වය තුලනය කරමින් අභියෝගාත්මක අයවැයක් ලබන වසර සඳහා ඉදිරිපත් කරනු ඇති බවයි.

දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සමඟ අප ඉදිරියට ගමන් කර තිබෙන බවත් ඒ හිඟය තුලනය කරගනු ලැබූයේ ණය ගැනීම මඟින් වුවද විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය තවමත් අවසන්ව නැති බවත්, එසේම අයවැය හිඟය තුලනය කරගැනීමට දේශීය ණය වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මඟින් විශාල ලෙස මුදල් මුද්‍රණය කිරීම සිදු කළද සම්මත කරගත් මහ බැංකු පනතින් එයද සීමා කර තිබෙන බවත්, එම කරුණු මධ්‍යයේ අයවැය ඉදිරිපත් කිරීම අභියෝගාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අයවැය මඟින් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටලු, පවතින බාධා පිළිබඳ සොයාබැලීමට නීත්‍යනුකූල අයවැය කාර්යාලයක් මේ වන විට ක්‍රියාත්මක වන බැවින් අයවැය යෝජනා කෙරෙහි අවධානය යොමු කිරීමට රජයට නීත්‍යනුකූලවම සිදුව තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us