හමාස් සටන්කරුවන් අතින් ඝාතනය වූ ශ්‍රී ලංකික කත !

Published in පුවත්
Tuesday, 17 October 2023 19:47

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් විසින් තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අනුලා ජයතිලක නමැති එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇත.

ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර ගැනීමට නියමිතය.

පසුගිය සතියේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාර්තා පළ විය.

අද උදෑසන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ, ඊශ්‍රායල හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ මිලියනයක් පමණ ගාසා වැසියන් ඉවත් කරන ලෙස නියෝග කිරීමෙන් පසුව, උතුරු ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු පලස්තීන ප්‍රදේශයේ දකුණු ප්‍රදේශය දෙසට ගමන් කරන බවයි.

මේ අතර දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙස තානාපති කාර්යාලය දැනුම්දී ඇත.

අදාළ තොරතුරු,

070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ලබාදිය හැකිය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us