අවුකන ප්‍රතිමාවට කහකඩ පෙරවූවන් නීතිය හමුවට   Featured

Published in පුවත්
Tuesday, 28 November 2023 20:40

පුරාවිද්‍යත්මක වටිනාකමක් සහිත අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව භික්ෂු සිවුරක් සේ හැඟෙන කහකඩකින් ආවරණය කිරීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය පවසන්නේ, වස්ත්‍ර පැළැඳවීමේදී විහාරාධිපති හිමියන් තනි මතයට කටයුතු කර ඇති බවය. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු සහ තවත් පිරිසක් සහය වී ඇත.

ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජු නිර්මාණය කරවූ බවට ඉතිහාසයේ සඳහන් වන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාව කහකඩයකින් ආවරණය කිරීමේ ඡායාරූප සමාජමාධ්‍යට එක්වීමත් සමඟ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් විය.

මෙරට මෙන්ම ලෝක මට්ටමින්ම අති විශිෂ්ට නිර්මාණයක් ද වන මෙම ''හිටි බුද්ධ ප්‍රතිමාව'' මත නැගී ඇතැම් පුද්ගලයින් එම කහකඩය රඳවන ආකාරයද ඡායාරූපවල සඳහන් වුණි. පුරාවිද්‍යාත්මක ස්ථාන ලෙස නම් කර ඇති ස්ථාන සම්බන්ධයෙන් කවර කටයුත්තක් සිදු කළද ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවේ අවසරය ලබා ගැනීම සිදු විය යුතුය. ඇතැම් තැනක ස්පර්ෂය ද තහනම්ය. ඒ අනුව මෙම කහකඩ රැඳවීම අදාල නීති උල්ලංඝණය කිරීමක් වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා සහ කලාප භාර පුරාවිද්‍යා නිලධාරීවරයා ඊයේ එහි ගොස් අවුකන පිළිමය හා එම ස්ථානය පරීක්ෂා කළේය.

ඒ අනුව අද අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයට අයත් උපකලාප භාර නිලධාරීවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසියට පැමිණිලි කර තිබේ.

කෙසේ නමුත් මෙරට පුරාවිද්‍ය ස්ථාන බහුතරයයක් ආගමික සංස්ථාවල පාලනය යටතේ ඇති නිසා මෙවැනි විප්‍රකාර දේ නිරන්තරයෙන් සිදුවෙමින් තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us