පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක්

Published in පුවත්
Thursday, 14 December 2023 13:58

පුත්තලම දිස්ත්‍රික්කයේ බරවා රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී බුද්ධික චමිල පවසන්නේ, ග්‍රාමීය ප්‍රදේශවල මෙම රෝගය පැතිර යාමේ ඉහළ අවදානමක් පවතින බවය.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ ජපන්ජබර හා සැල්වේනියා වැනි ශාක ව්‍යාප්තිය බව ද ඒ  වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"බරවා රෝගයේ තියෙනවා කොටස් දෙකක්. ග්‍රාමීය බරවා සහ නාගරික බරවා කියලා අපි රෝගය කොටස් දෙකකට වෙන් කරනවා. ග්‍රාමීය බරවා තත්ත්වය ඉස්සර ඉඳලම තිබුණා. ජපන්ජබර, සැල්වේනියා එක්ක තමා මේක ගොඩක් වෙලාවට බෝවෙන්නේ. මූල පද්ධතිය ආශ්‍රිතව පැන්සෝනියා කියන මදුරු විශේෂය බෝවෙනවා. දැනට අවුරුදු 5ට අඩු විශාල ප්‍රමාණයක් දරුවන්ට බරවා රෝගය ඇති වීමට තර්ජනයක් වෙනවා ග්‍රාමීය බරවා රෝගය. වැව්වල අපි දකින්නට ලැබෙනවා ජපන්ජබර, සැල්වේනියා. ඒවාගෙන් ලොකු තර්ජනයක් වෙනවා මඳුරු විශේෂ බෝවෙන්න. ඒක ගොඩක් වෙලාවට ඉවත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මඳුරු ගහණය ගොඩක් වෙලාවට අඩුකර ගන්න හැකියාවක් තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැනට වැඩිපුරම වාර්තා වෙන්නේ ග්‍රාමීය බරවා රෝගය." 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us