පුත්තලමට පුච්චන්න රැගෙන යන හෙරොයින්

Published in පුවත්
Thursday, 14 December 2023 18:33

2019 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදු කළ වැටලීමකින් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 107ක තොගයක් විනාශ කිරීම අද (14) සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.


එම හෙරොයින් 'ඉන්සී' සිමෙන්ති සමාගමට අයත් පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි උඳුන් තුළ දී දහනය කිරීම සිදු වනු ඇත.
පොලිසි බලකායේ විශේෂ ආරක්ෂාවක් ඇතිව මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 107 දහනය කර විනාශ කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ සිට අද උදෑසන රැගෙන ගිය බව ද වාර්තා වේ.


එම කාර්යාංශය සිදු කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 01යි ග්‍රෑම් 104ක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.


ඔවුන්ට කොළඹ මහාධිකරණයේ නඩු පවරා වරදකරුවන් වීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.
එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම හෙරොයින් තොගය විනාශ කරන ලෙසයි.


මේ අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රස පරීක්ෂක කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යාල මණ්ඩලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් සම්බන්ධ වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us