අන්තවාදී දේශන පැවැත්වූ රුවන්ට සංවිධානවලින් මුදල් ලැබුණාද ? CIDයෙන් පුළුල් පරීක්ෂණ

Published in පුවත්
Friday, 05 January 2024 21:09

ආගමික දේශන පැවැත් වූ බව පැවසෙන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊට සමගාමීව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව අද (05) දිනයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

තවද එම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයා බැලීම සඳහා මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව ද විමර්ශනයක් සිදුකිරීමටද කොටුව මහෙස්ත්‍රාත් අදිකරණයෙන් නියෝගයක් ලබා දී තිබේ.

හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව පැවසෙන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් පසුගිය දා මියගොස් සිටියදී සොයාගැණුනි.

පොලීසිය පැවසුවේ 21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවය.

තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු නවාතැන්ගෙන සිටි මහරගම ප්‍රදේශයේ ලැගුම්හලක තිබී සොයා ගැණුනි.

ආගම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශන පැවැත්වීමේ නිරත වෙමින් සිටි "රුවන් ප්‍රසන්න ගුණරත්න" නැමැත්තා පසුගියදා විෂ වර්ගයක් ශරීරගත කරගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබිණි.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ද දරුවන් තිදෙනා සමග සියදිවි හානිකරගෙන තිබූ බව සඳහන්ය.

-P.M

වැඩි විස්තර සදහා පහත ලින්ක් තුළට පිවිසෙන්න

සියදිවි නසා ගත් රුවන්ගෙ දේශන වලට සවන්දුන් අය ගැන විමසිල්ලෙන් සිටින්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක්

දිවිනසා ගත් රුවන්ගේ බිරිදගේ මළගමට ආ තවත් දෙදෙනෙකු දිවිනසා ගනී

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us