ක‍ඳුකරය සංවර්ධනයට යෝජනා ඉල්ලයි

Published in පුවත්
Monday, 29 January 2024 14:18

සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණින් රජය අරඹන ලද “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝජනා ලබා ගැනීම ඇරැඹූ බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසීය.

කඳුකර දශකය වැඩසටහන මෙම වසර ඇතුලත දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල එම දිස්ත්‍රික්ක වේ.

ඇමතිවරයා පවසන්නේ මෙම දිස්ත්‍රික්ක 10 හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක ග්‍රාම නිළධාරී වසම් 4,498 ක් මේ සදහා හදුනාගෙන ඇති බවයි.

කඳුකර දශකය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එම දිස්ත්‍රික්කවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89ක ග්‍රාම නිලධාරී වසම් 4,498ක් හදුනාගෙන තිබේ.මෙම වැඩසටහන  සදහා තෝරාගෙන ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 200 ට වඩා වැඩි උසකින් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වේ.

ජනාධිපති කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන අධීක්ෂණය කරන බව ද වාර්තාවේ

Last modified on Monday, 29 January 2024 15:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us