IMF පළමු වාරික ඇගයීම නිකුත් වෙයි

Published in පුවත්
Monday, 29 January 2024 15:36

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබද පළමු වාරික ඇගයීම නිකුත් කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටුකළයුතු කැපවීම් 73න් 60ක් ඉටුකර ඇති අතර 13ක් ඉටු කිරීමට නොහැකි වී ඇති බව වෙරිටේ රිසර්ච් සදහන් කලේය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ ආරම්භ කළ දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පළමු අදියර තුළ ශ්‍රීලංකාවේ කාර්ය සාධනය පිළිබද සිය ඇගයීම් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73න් 60ක් ඉටු කර ඇති බවත් ඉතිරි 13 ඉටු නොකළ කැපවිම් වන අතර ඉන් 08ක් දෙවන අදියර තෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බවත්ය.

නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ කැපවීම් 27ක් නියමිත දිනයන් වෙනස්කර හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

එම මාසය වන විට ඉටුකළයුතුව තිබුණද එසේ නොකිරීම නිසා ඉදිරියට ගෙන ගිය කැපවීම් 08ද එකතුකර කැපවීම් 35ක් ඉටුකළ යුතු කැපවීම් ලෙස මූල්‍ය අරමුදල නම්කර ඇති අතර එම කැපවීම්වලට අමතරව ශ්‍රීලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහනට නව කැපවීම් 75ක් එක්කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us