සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට

Published in පුවත්
Wednesday, 07 February 2024 09:43

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව පත්කෙරුණු කමිටුවේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රාමාත්‍යවරයාට අවසර ලබාදී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය සඳහා ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසර ලබාදීම සිදු කෙරුණි.

අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම නඩුවලට අදාළව කරුණු දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය සිදුකළ කමිටුවේ වාර්තාව සහ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා මෝසමක් ගොනුකර තිබෙන බව සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නඩු විභාගය ආරම්භ වී තිබෙන මෙම අවස්ථාවේදී මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා මෝසමක් ගොනු කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් දන්වා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥවරුන්ගේ විරෝධතාවලට යටත්ව අදාළ සීමා නිර්ණය කමිටු වාර්තාව සහ සෙසු ලේඛන ලබන 14 වනදාට පෙර ගොනු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට අධිකරණය විසින් අවසර ලබා දුනි.

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us