හරක්කටා ගේ මස්සිනා අද දිවයිනට රැගෙන එයි

Published in පුවත්
Thursday, 30 May 2024 09:05

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මොහු අද මේ රටට රැගෙන ඒමට නියමිතයි.

හරක් කටා නැමැත්තා ද පසුගිය වසරේ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබිණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us