පාස්කු ප්‍රහාරයෙන් වසර 5කට පසු කටුවාපිටියේ තිදරු මවක් මියයයි

Published in පුවත්
Thursday, 30 May 2024 09:16

“අම්මේ ඔයා ජීව­තුන් අතර සිටියා නම් අද මම ඔයා­ගෙන් ආශි­ර්වාද ලබා­ගෙන විභා­ග­යට යනවා නේදැයි“

කිය­මින් කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා වසර පහක පමණ කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී පසු­ගිය 27 වැනිදා මිය ගිය තිළිණා හර්ෂ­ණීගේ (39) වැඩි­මල් දිය­ණිය ලයරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහය ඉදි­රි­පිට කඳුළු පිරි දෙනෙ­තින් බලා සිට එසේ පව­ස­මින් පාසලේ වාර විභා­ග­යට ඊයේ(29)පිටත්ව ගියේ ගුරු­ව­රි­යක් සම­ඟිනි.

තිළිණා හර්ෂණී ඇගේ මවත් දරු­වන් තිදෙ­නාත් සමඟ 2019 අප්‍රේල් මස 21වැනි දින උදෑ­සන නිව­සින් පිටව යන්නේ කටු­ව­පි­ටිය සාන්ත සෙබ­ස්ති­යන් දේව­ස්ථා­නයේ දේව මෙහෙ­යට සහ­භා­ගී­වී­ම­ටය. දේව මෙහෙය අව­සන් වෙමින් තිබුණි.

මාර­යාගේ බැල්ම කටු­ව­පි­ටිය ගම්මා­න­යම මළ ගෙයක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසි­වි­ට­කත් දැන සිටියේ නැත.

තිළිණා හර්ෂණී ඇගේ දරු පැට­වුන් තිදෙ­නාත් තැන තැන වැටී සිටි අයුරු තිළි­ණාගේ මව දුටු­වාය.මවට පළ­මුව කළ හැකි වූයේ කෑ මොර දීම පමණි.

ඒ වන විටත් තිළි­ණාගේ දෙවැනි දරුවා මෙලොව හැර ගොස්ය.

කටු­ව­පි­ටිය බෝම්බ ප්‍රහා­ර­යෙන් තුවාල ලබා දීර්ඝ කාල­යක් රෝහ­ල්ග­තව සිට නිව­සට පැමිණි අව­සන් තැනැ­ත්තිය තිළිණාය.

ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිළිණා නිවසේ විශේෂ කාම­ර­යක පැය 24 පුරා­වට සිටි හෙදි නිල­ධා­රි­ය­කගේ සහාය ඇතිව කල් ගෙවු­වාය.

මුළු කටු­ව­පි­ටිය ග්‍රාම­යට කළු වලා­වක් ඇති කර­මින් පසු­ගිය 27 වැනි දින තිළිණා හර්ෂණී නමැති තිදරු මව සඳ­හ­ටම දෙනෙත් පියා ගත්තාය. ඒ බෝම්බ ප්‍රහා­ර­යෙන් වසර පහ­කට පසු­වය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us