බිත්තර පරිභෝජනය ඉහළට

Published in පුවත්
Friday, 31 May 2024 12:35

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින් ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ලක්ෂ 70ක් වූ අතර පසුගිය මාස කිහිපයේ එම ප්‍රමාණය බිත්තර ලක්ෂ 80 දක්වා ඉක්මවා ඇතැයි වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව කීය.

මෙරටට එන විදේශ සංචාරකයින් ගණන ඉහල යාම, පසුගිය කාලයේ විවිධ හේතු නිසා මස් හා මාළු මිල වරින් වර ඉහල යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර බවට මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහල යාමට හේතු වී තිබෙන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා , සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වි තිබේ.

කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නැති නිසා ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස ඇමැති අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම දැනට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපොළ තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us